(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිළියන්දල පොලිස් වසමේ ඉකුත් මැයි නම වෙනි දින සිදුවූ කලහ කාරී සිද්ධීන් 6කට මූලිකත්වය ගෙන ක්‍රියා කළ බව කියන සමගි ජන බලවේගයේ කැස්බෑව ආසන සංවිධායක ගයාන් ද මෙල් මහතා අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාර සංවිධායකවරයා අද දින කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

