මැද පළාත් රෝහල් 40 ක් කොට උඩ


නුවරඑළියේ සෞඛ්‍ය සමාලෝචන රැස්වීමකදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා  රජයේ වෛද්‍යවරුනට අවනම්බු කරමින් අපහාස කළැයි මධ්‍යම පළාත් රජයේ වෛද්‍ය නිලධරයින්ගේ සංගමය මධ්‍යම පළාතේ  රෝහල් 40ක වෛද්‍යවරු 500 ක් පමණ අද (19) උදේ සිට වැඩ වරති.

මේ නිසා අත්‍යවශ්‍ය සේවා හැර සෙසු බොහෝ වෛද්‍ය සේවා ඇන හිටියේය.

ලෙඩ්ඩු සිය දහස් ගණනක්  හිස් අතින් ආපසු හැරී ගියහ..

හගුරන්කෙත ඩෙංගු රෝගීන් පිළිබද ආණ්ඩුකාරවරයා ඉදිරිපත් කළ ගණන් හිලවු ද වාහන දෙකක් සම්බන්ධයෙන් දැක් වු  කරුණුද වැරැදි  බව වෛද්‍යවරු කියති.

ආණුඩුකාරවරයා වෛද්‍යවරුන්ගෙන් සමාවගත යුතු දැයිද ඔවුන් සදහන් කළහ.

තමා කිසිම ආකාරයෙන් වෛද්‍යවරුනට අපහාසයක් හෝ තර්ජනයක් නොකළ බව කොබ්බෑකඩුව මහතා කියයි.