මැතිව්ස් විස්සයි20 නායකත්වයට නම් කරයි
ශ්‍රී ලංකා විස්සයි20 ක‍්‍රිකට් පිලේ නායක ලෙස මැද පෙළ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් වසර කාලයක් සඳහා නම් කර තිබේ. නවසීලන්තයට එරෙහිව පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී මේ මස 30 වැනිදා පැවැත්වෙන විස්සයි20 තරගයේදී මැතිව්ස් පළමු වරට නිත්‍ය නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතය.
ඇන්ජලෝ මැතිව්ස් මීට පෙර විස්සයි20 පිලේ නායකයා ලෙස කටයුතු කර ඇති අතර ටෙස්ට්, එක්දින සහ විස්සයි20 කණ්ඩායම්වල උප නායකයා ලෙස වසරක පමණ කාලයකට සිට මැතිව්ස් කටයුතු කළේය.

