මැතිවරණ කොමිෂන් සභාවට ඉරිදා සිට එස්ටීඑෆ් ආරක්ෂාව


(රංජන් කස්තුරි)

රාජගිරිය, සරණ මාවතෙහි පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රය ඉරිදා (6) සිට පොලිස් විශේෂ  කාර්ය බළකායේ ආරක්ෂාව යටතට පත් කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රය සහ අවට ප්‍රදේශවලට දැඩි ආරක්ෂාවක් යොදවන අතර එය නාමයෝජනා බාරගන්නා සඳුදා (7) දිනය දක්වාම ක්‍රියාත්මක කරන බවද රුවන් ගුණසේකර මහතා කීය.

ආරක්ෂක කටයුතු වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට අමතරව තවත් පොලිස් නිලධාරීන් 1200 ක් හා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් ද යොදනවන බව රුවන් ගුණසේකර මහතා පැවසීය.

මීට අමතරව නාම යෝජනා බාරගන්නා සඳුදා දිනයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවද ඔහු කීය.