මැති ඇමතින් නවයක් අල්ලේ රතු ගාගෙන


මේ වසරේ දී අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීන්  නව දෙනකු සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳව විමර්ශන  සිදු කරමින් සිටින බව අල්ලස් කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජී ජේ ඩී එස් බාලපටබැඳි මහතා කියයි.

එම විමර්ශනවල රහස්‍ය භාවය රැකිය යුතු නිසා  නම් හෙළි කළ නොහැකි බව ද, ඔවුන් සිදු කළ බව කියන දූෂණ හා වත්කම් සම්බන්ධයෙන් මෙම පැමිණිලි ලැබී ඇති බව ද ඔහු පවසයි.