මැණික්හින්නේ වාහන තදබදය උග්‍රයි


(ඇන්ටන් විජේරත්න කුණ්ඩසාලේ සිට) - කුණ්ඩසාලේ මැණික්හින්න නගරය කාර්ය බහුල වී ඇතත් නිසි රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට අසමත් වීම නිසා නගරයේ දැඩි වාහන තදබදයක් දක්නට ලැබේ.
සභාවේ අනුමත ත්‍රිරෝද රථ පාර බදු ගෙන ඇති සැටියෙකි. කුලී ලොරි, වෑන් රථ ද එසේමය.
ජනතාවට අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට පෞද්ගලික වාහනයක් නවත්වා ගැනීමටද ඉඩක් නැත.
දිනකට ලක්ෂයකට වැඩි ජනතාවක් පැමිණෙන මේ නගරය ජනතා අවශ්‍යතා පහසුවෙන් ඉටු කර ගත හැකි නගරයක් කරන්නට බලධාරීන්ගේ අවධානය යොමු වේවා. 

ඇන්ටන් විජේරත්න ගුරු මණ්ඩලය,
සස් බාලිකා විදුහල
මහනුවර