රත්නපුර තිරුවානාකැටියේ බුළුගෙදර වසා තිබූ වෙළඳසළක් පිටුපස මැණික් පතලක් හාරමින් සිටි දෙදෙනකු (32 හා 38) පස් කන්දක් කඩා වැටී යටවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියයි.
ඔවුන් මිය යන්නට ඇතැයිද සහන සේවකයන් ඔවුන් සෙවීමේ කටයුතු අරඹා ඇතැයිද ඔහු පවසයි. අඩි 15 ක් ගැඹුරට මෙම අනවසර පතල කපා ඇතැයිද පතල් කැපීමේ ආරක්ෂක පියවර ගෙන නැතැයිද කියති.




