ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ උරුමයේ වටිනාකම පිළිබඳව පොදුජනතාව දැනුවත් කිරීම සඳහා කොළඹ විපස්සනා භාවනා මධ්‍යස්ථානවාසි මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ මේදිනවල මහා බ්‍රිතාන්‍යයට වැඩමකර සිටිති.
බ්‍රිතාන්‍යයේ විවිධ නගරයන්හි පදිංචිව ඉන්නා ශ්‍රී ලාංකිකයෝ බොහෝදෙනෙක් උන්වහන්සේ හමුවීමටත්, ධර්මදේශනාවන්ට සවන්දීමටත්, වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවත්නා ආගමික සහ සංස්කෘතික වාතාවරණය පිළිබඳව කරුණු විමසා දැනගැනීමටත් උනන්දුවක් දක්වති.
ඒ අනුව එංගලන්තයේ පදිංචි ශ්‍රී ලාංකිකයින් පිරිසක් එකමුතුවී පඤ්ඤාලෝක හිමියන්ගේ ධර්මදේශනා සහ සුහද හමු පෙළක් එංගලන්තයේ ප්‍රධාන නගර කිහිපයකම සංවිධානය කිරීමට යති.
මේ සම්බන්ධ විස්තර 07728799123 සහ 07834564706 යන දුරකතනයන්ට කතා කිරීමෙන් ලබා ගතහැකි බව සංවිධායකයින් පවසති.
පඤ්ඤාලෝක හිමියන් නොවැම්බර් මාසයේ මැද භාගය දක්වා එංගලන්තයේ නැවතී සිටීමට නියමිතය.