මාළුකාරයා අරක්කැමියාගේ කන කපයි
පිළියන්දල මොරටු පාරේ මාළු වෙළෙන්දකු මාළු ගන්නට ආ මකුළුදූවේ අරක්කැමියකුගේ වම් කන කපා ඇතැයි පොලිසිය කියයි.
අරක්කැමියා එම මාළු වෙළෙන්ඳා ළඟට ගොස් මාළු 250ක් ඉල්ලා ඇත. වෙළෙදාම පටන් නොගත් නිසා 250ක් දිය නොහැකි බව ඔහු කී නිසා වෙනත් තැනකින් මාළු මිලට ගෙන යද්දී මේ කන කපා තිබේ. අරක්කැමියා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර මාළු වෙළෙන්දා පිහියත් සමග පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

