මාළු වෙළෙඳපොලේ කැන්ටිමේ මාළු කෑම නෑ


(හර්ෂණ තුෂාර සිල්වා)

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ආපනශාලාව පවත්වාගෙන යෑම වෙනත් පාර්ශවයකට ලබාදීම සඳහා ටෙන්ඩර් කැඳවන්නැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳපොළේ ඇති ආපනශාලාවේ අලෙවියට ඇති ආහාර මාළු සහිත ආහාර ඇතුළත් නැතැයි එහි වෙළෙඳුන් අමාත්‍යවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

වෙළෙඳුන්ගේ පැමිණිල්ල සැලකිල්ලට ගනිමින්, ඔවුන්ගේ අවශ්‍යතාව සැපිරීමට ආපනශාලාව පවත්වාගෙන යන පාර්ශවයට නොහැකි නම්, නැවත ටෙන්ඩර් කැඳවා ආපනශාලාව පවත්වාගෙන යෑම වෙනත් පාර්ශවයකට ලබාදෙන්නැයි අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳපොළේ දිනකට මත්ස්‍ය  මෙට්‍රික් ටොන් 350ත් 400ත් අතර ප්‍රමාණයක් අලෙවි වන අතර ගැවසෙන වෙළෙඳුන් හා පාරිභෝගිකයන්ගේ ප්‍රමාණය 3000කට ආසන්න වේ.