අන්තර් මෝසමත් සමග මුහුදේ සීතල දියවැල් හා උෂ්ණ දියවැල් ගැටීමෙන් ඇතිවූ විපර්යාස නිසා සාලයන්, සූඩයන්, අලගොඩුවන් වැනි මාළු විශාල වශයෙන් මඩකලපුවේ කාත්තන්කුඩි, ඔන්ඩච්චිමඩම් වෙරළ තීරයට ගොඩ ගමන බවත්, වෙනදා මුහුදු ගොස් මාළුන් අල්ලන දීවරයෝ මෙන්ම අවට වැසියන් මේ මාළුන් අල්ලා ගොඩ ගොඩවල් විකුණන බවත් කියති. එහි මාළු කිලෝව රුපියල් 10-20 අතර වෙයි.