මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති පී.පී.වික්‍රමසිංහ (එජනිස) මහතාගේ සේවය අත්හිටවූ බව පළාත් ප්‍රධාන ලේකම් හේරත් බී. කුලරත්න මහතා පැවසීය. නිදහසට කරුණු කීම සඳහා ඔහුට මාස තුනක් කලී තිබූ නමුත් ඔහු එසේ කැර නැතැයි මහ ඇමති කාර්යාල ආරංචි කියයි. සභාපතිට එරෙහිව ඇති මූල්‍ය අක්‍රමිකතා ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකැරෙන බවත් එය අවසන් වනතුරු ඔහුගේ සේවය අත්හිටුවීමට තීරණය කළ බවත් පළාත් ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.
හිටපු මහාධිකරණ විනිසුරුවරයකුගේ මූළිකත්වයෙන් මෙම පරීක්ෂණය සිදුකැරේ. ප්‍රාදේශීය සභාවේ වැඩබලන සභාපතිවරයා ලෙස උප සභාපති එම්.එස්.එම්.කාමෙල් මහතා පත්කර සිටියි. මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සේවය අත්හිටුවීම පිළිබඳ ගැසට් නිවේදනය අද නිකුත්කළ බව පළාත් ප්‍රධාන ලේකම් වරයා කීය.

