මාලක රට යන්නේ චාරිකාවකට


මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ පුත් මාලක සිල්වා ඇමෙරිකාවට යනුයේ ඉගෙන ගැනීමට නොව චාරිකාවක් සඳහා යැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතාට මෝසමක් මගින් අද කරුණු දැක්වීය.  කලින් දිනයේ එසේ පැවැසුවේ වැරදීමකින් බවත් කීවේය. ඒ අනුව නඩු ලිපි ගොනුවේ අවශ්‍ය සංශෝධන කිරීමට මහේස්ත්‍රාත් අවසර දුන්නේය. ලබන 10 වැනි දා සිට නොවැම්බර් 20  තෙක් ඔහුට එතෙර යෑම අවසර ලැබිණි.  හමුදා මේජර් සූසේනට ජැයික් හිල්ටන් හෝටලයේ දී පහර දුන්නැයි ඔහු ද හිටපු ඇමැති මනෝ විජේරත්න ගේ පුත් රෙහාන් ද තවත් කිහිප දෙනෙක් ද ඇපමත මුදාහැර සිටිති.