මාරක බෝට්ටුකරුත් රිමාන්ඞ්


බේරුවල ප‍්‍රදීපාගාරයට සණස සේවකයන් පිරිසක් රැගෙන ගිය බෝට්ටුකරු මොහොමඞ් නිසාර් අන්වර් හා  සහායක මොහොමඞ් නියාස් කළුතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අරුණ අලූත්ගේ මහතා විසින් සඳුදා (24) වන තුරු රිමාන්ඞ් කරනු ලැබීය. නොසැලකිලිමත් ලෙස බෝට්ටුව පදවා මරණ පහක් සිදු කිරීම මත ඔවුන්ට චෝදනා ඉදිරිපත් කිරීමට නියමිතය.