නව දිල්ලි චිත්‍රපට සම්මාන උලෙළේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානයෙන් පිදුම් ලැබු තණ්හා රතී රඟා චිත්‍රපටයේ අධ්‍යක්ෂක නිලේන්ද්‍ර දේශප්‍රිය මහතා එම සම්මානයද රැගෙන ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියේය.
ශ්‍රී ලංකාවට ගෞරවයක් හිමිකරදෙමින් දිවයිනට පැමිණි නිලේන්ද්‍ර දේශප්‍රිය මහතාව පිළිගැනීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සේද මාවතේ විශේෂ උත්සවයක් සුදානම් කර තිබුණි. එහිදී එම චිත්රපයට දායක වු රංගන ශිල්පින්, නිෂ්පාදකවරුන් ද, ජාතික චිත්‍රපට සංස්ථාවේ නිළදාරීන් ඇතුළු පවුලේ නෑ හිතමිතුරන් විසින් මල් දම් පළඳවා ඉතා උනුසුම් අන්දමින් ඔහු පිළිගනු ලැබීය.
පසුගිය 30 වෙනිදා ඉන්දියාවේ නව දිල්ලි නුවර දී මෙම සම්මාන උළෙල පැවැත්විණි.
ඉන්දියානු සිනමාවේ නිර්මාතෘ ලෙස සැලකෙන දාදා සාහෙබ් පාල්කේ මහතාගේ ජන්ම දිනය සමරමින් වාර්ෂිකව පැවැත්වෙන මෙම සිනමා උළෙලේදි හොඳම අධ්‍යක්ෂක ලෙස රාජ්නා හි අධයක්ෂ ආනන්ද් එල් රායි, හොඳම සංගීිත අධ්‍යක්ෂණය ලෙස රාම් ලිලා චිත්‍රපටය වෙනුවෙන් සංජය ලිලා බන්සාලි ද සම්මාන දිනා ගත්හ.
තණ්හා රතී රගා චිත්‍රපටයට මෙම සම්මානය හිමි වී ඇත්තේ වසර 30ක සිවිල් යුද්ධයෙන් බැට කෑ සමාජ වට පිටාවක් මතින් ගොඩනැගුනු චරිත හරහා යුධ සමයේ ලාංකික වටපිටාව ගෙනහැර දැක්වීම නිර්මාණාත්මකව ඉදිරිපත් කර ඇති අපුර්වත්වයටය.
තිස් වසරක ජනවාර්ගික අර්බුදය නිසා කලක් අත්හැර දමා තහනම් කර තිබූ ප්‍රදේශයක සංචාරයේ යෙදෙන මිතුරන් තිදෙනෙකු වටා මෙහි පසුබිම් කතාව දිවෙයි.
නිලේනද්ර දේශප්‍රියගේ ප්‍රථම සිනමා නිර්මාණය මෙය වන අතර මෙය සුනිල් ටී. ප්‍රනාන්දු සහ එච්.ඩී ප්‍රේමසිරිගේ නිෂ්පාදනයකි. සම නිෂ්පාදනය සහ සම අධ්‍යක්ෂණය නතාෂා ඩී්රම්, විධායක නිෂ්පාදනය රේණුකා බාලසූරියගෙනි.
මෙහි ස්වර්ණා මල්ලවආරච්චි ද්‍රවිඩ ගුරුවරියක ලෙස රංගනයෙක් දායකත්වය දෙන අතර අනෝජා විරසිංහ, නීටා ප්‍රනාන්දු , කුමාර තිරිමාදුර, සරත් කොතලාවල සහ නාමල් ජයසිංහ මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරති. මෙහි තිර රචනය කුමාර තිරිමාදුරගේ සහ සරත් කොතලාවල ගේය. කමල් අද්දරආරච්චි සුලෝචනා වීරසිංහ දයාදේව එදිරිසිංහ විශ්වජිත් ගුණසේකර තුමිඳු දොඩන්තැන්න ප්‍රියන්ත සිරිකුමාර, ඇඩම් ඇඩමලී මෙහි සෙසු චරිත නිරූපණයේ යෙදෙති . මෙහි කැමරාකරණය ධනුෂ්ක ගුණතිලකගෙනි.
නිලේන්ද්‍ර දේශප්‍රිය මහතා එසැණට අදහස් දක්වමින් පැවසුවේ
‘මෙම සිනමා උළෙලේ තණ්හා රතී රගා හොඳම චිත්‍රපටියට හිමි සම්මානය හිමිකරගැනීම ඇත්ත වශයෙන්ම ගෞරවයක්. මෙම ගෞරවය හිමි විය යුත්තේ මෙහි රගපෑ රංගන ශිල්පීන්ට, මහන්සි වු කාර්මික ශිල්පීන්ට සහ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න මට ශක්තිය දුන්න නිෂ්පාදන දෙපල වන සුනිල් ටී. ප්‍රනාන්දු සහ එච්.ඩී ප්‍රේමසිරිගේ යන මහත්වරුන්ටයි.
ඉන්දියානු සිනමාවේ පියා වශයෙන් සැලකෙන දාදා සාහෙප් පාල්කේ මහතා අනුස්මරණය කිරීමට පැවති එම සිනමා උළෙල ඇත්ත වශයෙන්ම ස්වාධීන සිනමාකරුවන්ගේ උසස් නිර්මාණ, කලාත්මක නිර්මාණ හා ප්‍රධාන දාරාවේ චිත්‍රපට නිෂ්පාදකයන්ගෙන් තොරව තැනු චිත්‍රපටවලට අනුග්‍රහය දක්වන ඉතාම සුවිශේෂී සිනමා උළෙලක්.
චිත්‍රපටයකට සම්මානයක් ලැබීම යනු එහි නිර්මාණාත්මක බව ඇගයිමකට ලක්වීම පමණයි. හැබැයි චිත්‍රපටියක් හදපු තෘප්තිය ලැඛෙන්නේ ඒක තමන් ජීවත් වන රටේ තමන්ගේ ජනතාවට පෙන්නන්න ලැඛෙනවා නම් පමණයි.
නුදුරු අනාගතයේම අපට ඒ සඳහා අවස්ථාව ලැඛෙයි කියා විශ්වාස කරනවා.
මේ මොතොතේ කියන්න තියෙන්නේ ලංකාවේ පහුගිය අවුරුදු 15 ඇතුලත සිදුවු පසුබිම අලලා කරපු මේ චිත්‍රපටිය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් ඉතාම ආදරෙන් වැළඳගනීවි. .
ඒ් නිසා හැකි ඉක්මනින් මෙම චිත්‍රපටිය ප්‍රදර්ශනය කරන්න අවස්ථාව ලබා දෙන ලෙස මම ඉල්ලනවා.
ඉදිරි අනාගය ගැන කතාකරනකොට අපි ලාංකීය සිනමාව ගැන කතා කළ යුතුයි. මේ රටේ සිනමාවට පිිවිසෙන්නට බලාපොරොත්තුව තරුණ පරම්පරාවක් ඉන්නවා. ඔවුන්ට මෙය බාර දන එක තමයි කළ යුත්තේ.
ඒ වගේම හැකි තරම් ඉක්මනින් ලංකාවේ සිනමා ශාලා ඩිජිටල් තාකෂනයට යා යුතුයි.
සිනමාවේ පැවැත්ම තියෙන්නේ අලූතින් නිර්මාණ බිහිවීම මත සහ එයට ඇති ප්‍රෙක්ෂක දායකත්වය මතයි. එතනින් සිනමාව ගොඩනගන්නට තරුණ පරම්පරාවට හැකිවේවි‘. යනුවෙනි.


