පසුගිය කාලයේ ප‍්‍රසන්න විතානගේගේ ‘ඔබ නැතුව ඔබත් එක්ක’ චිත‍්‍රපටයේ සරත්සිරි විදියට ඔහු අප අතරට ආවා. ධර්මසේන පතිරාජගේ ‘සක්කාරං’ චිත‍්‍රපටයේ ඔහු හමුදුරුවෝ. බොරදිය පොකුණ, ලේ කිරි කඳුළු, දිය යට ගින්දර චිත‍්‍රපටිවලත් සුළු වශයෙන් පෙනී සිටීමත් ඔහු කළා. ඔහුගේ සැබෑ නම ශ්‍යාම් ප‍්‍රනාන්දු. වේදිකාවේදී සිනමාවේදී ඔහු විවිධ වේශයන් මවාගෙන අප අතරට එනවා. ඒ එන ගමනේ දී මේ මාසේ 17 වැනිදා ඉඳලා විශ්ව විදියට අපි අතරට ඒමට නියමිතයි. අපි ඒ කතාව ශ්‍යාම්ගෙන්ම අහමු.
මේ 17 වැනිදා ඉඳන් ඔබ අප අතරට එන්නේ විශ්ව විදියටලූ. මොකද්ද ඒ කතාව.
කුලරත්න ආරියවංශ කියන ගීත රචකයාගේ පුතුන් දෙදෙනා වන වින්දන ආරියවංශ හා කල්පන ආරියවංශ දෙසොහොයුරන්ගේ අධ්‍යක්‍ෂණයෙන් හැඩවන ‘පේ‍්‍රමය නම්’ චිත‍්‍රපටයේ විශ්ව කියන චරිතය නිරූපණය කරන්නේ මම. ඒ චිත‍්‍රපටිය රිද්ම හා ක්‍ත්‍ෂ මණ්ඩලයේදී තිරගත වීමට නියමිතයි. විශ්ව කියන්නේ රැුකියාවක් විදියට වෙළෙඳ දැන්වීම් ආයතනයක නිර්මාණශීලි අධ්‍යක්‍ෂවරයෙක් විදියට වැඩ කරන කෙනෙක්. ඔහුගේ බිරිඳ සමාධි. ඒ චරිතය නිරූපණය කරන්නේ සමනලී ෆොන්සේකා. විශ්වට කාලයක් යනවිට දැනෙන්න ගන්නවා එයාගේ ඇඟ ඇතුළෙම කිසියම් වෙනසක් සිදුවෙන බව. විශ්වට විවාහයට කලින් ඉඳලාම ඒ වෙනස දැනිලා තිබුණා නේද? සමාධිට ඒ බව නොකියාද සමාධිව කසාද බැන්දේ.
විවාහයට කලින් ඉඳලාම ඒ වෙනස දැනිලා තිබුණු නිසා ඒ බව ඔහු සමාධිට කියලා තිබුණේ. ඒක ඇත්තටම එක්තරා මානසික රෝගයක්. විවාහයෙන් පසුව ඒ රෝගී තත්ත්වය උත්සන්න වනවිට විශ්ව ප‍්‍රතිකාර ගන්න එතරම් උනන්දු නොවීම තමයි මෙතැන තිබෙන ගැටලූව. ඒ නිසා ක‍්‍රමයෙන් මේ රෝගී තත්ත්වය වැඩි වෙනවා. විශ්ව හිතනවා මුත‍්‍රා කළාම ඒ විෂබීජ තමන් ඇගේ සහ අවට පරිසරයේ ගැවසෙනවා කියලා. ඒ නිසා මුත‍්‍රා කළ විගස ඔහුට නාන්න ඕනෑ වෙනවා. ඒ වගේම පරණ ඇඳුම් නැතිව අලූත් ඇඳුම් ගන්න උවමනා වෙනවා. පරණ ඇඳුම්වල විෂබීජ ඇතැයි ඔහු සිතනවා. මේ තත්ත්වයත් එක්ක පවුලේ සහ රැුකියා ආයතනය තුළ යම් ගැටලූකාරී තත්ත්වයකට මුහුණ දෙන්න ඔහුට සිදුවෙනවා.
විශ්වට රැකියා ස්ථානයෙන් ඉවත් වෙන්න සිදුවෙනවා වගේම ඔහුගේ බිරිඳත් ඔහුව දාලා යනවා නේද?
හැම වෙලාවෙම නාන්න ගෙදර යෑම ආයතනයේ ලොක්කාට ප‍්‍රශ්නයක් වෙනවා. සමීප මිතුරන් මේ තත්ත්වය දැනගෙන හිටියත් ආයතනයේ ලොක්කා මොහු ප‍්‍රතිකාර ලබන ලෙඩෙක් බව දැනගෙන හිටියේ නැහැ. ඔය අතරේදී මොහු රැුකියාවෙනුත් අස්වෙලා ගෙදරට වෙලා වැඩිදුර ප‍්‍රතිකාර නොගෙන ඉන්නකොට සමාධිත් විශ්වව දාලා යනවා. එතකොට තමයි විශ්වට තේරෙන්නේ එහි බරපතළකම. සමාධිත් එක්ක නැවත ජීවිතය ආරම්භ කරන්න ඕනේ, ප‍්‍රතිකාර ගන්න ඕනේ කියලා හිතලා විශ්වම ගොස් මානසික රෝහලට ඇතුළත් වෙන්නේ ඊට පස්සේ. සමාධිත් එක්ක නැවත අලූත් ජීවිතයක් ආරම්භ කිරීම තමයි විශ්වගේ අරමුණ. අසීරූ දේවලට මුහුණ දෙමින් මානසික ව්‍යාකූලතාව ජය ගැනීමට විශ්ව උත්සාහ කරන්නේ ‘පේ‍්‍රමය නම්’ නිසා විශ්වට අසනීපය සුවකර ගන්න ලැබේවිද? සමාධි නැවත විශ්ව කරා ඒවිද අපි චිත‍්‍රපටය තිරගත වුණාම බලමු.
‘සරත්සිරි’ වෙලා එක පාරටම ‘විශ්ව’ වෙන්න උනාම මොකද හිතුණේ.
ලොකු වෙනසක් චරිත දෙකේම තියෙනවා. සරත්සිරි කියන්නේ ගුඩ චරිතයක්. චරිත අභ්‍යන්තරය තුළින් ගොඩාක් දේ දරා සිටින විවෘත නොවූ චරිතයක්. ඔහු චිත‍්‍රපටයේ එකම අවස්ථාවක විතරයි ජීවිතයේ දේවල් හෙළි කරන්නේ. ඒ බිරිඳගෙන් සමාව ගන්න අවස්ථාවක. විශ්ව කියන්නේ එක පැත්තකින් සැහැල්ලූ විවෘත චරිතයක්. තමන්ගේ මානසික ආබාධයත් එක්ක ඔහු කරන අරගලය පිටතට පේනවා. විශ්වගේ මානසික විඳවීම පේ‍්‍රක්‍ෂකයාටත් දැනෙනවා. සරත්සිරිව අභ්‍යන්තරයෙන් සියුම් විදියට නිරූපණය කරන විට විශ්ව සතර අභිනයම යොදාගෙන නිරූපණය කළ යුතු චරිතයක් විදියටයි මම දකින්නේ.
‘පේ‍්‍රමය නම්’ චිත‍්‍රපටයේ ඔබේ බිරිඳ සමාධි ගැන යමක් කියන්න තියෙනවාද?
ඇය චිත‍්‍රපටය තුළ මාව ගොඩක් දරාගෙන ඉන්නවා. බැරිම මොහොතේ තමයි ඇය විශ්වව අතහැර යන්නේ. සමාධිගේ චරිතයට පණදෙන සමනලී ෆොන්සේකා මං හිතන්නේ මෑත පරම්පරාවේ රංගන ශිල්පිනියන් අතරින් දක්ෂතම ශිල්පිනියක්. ඇය මට චිත‍්‍රපටි තුනකදීම මුණ ගැහිලා තියෙනවා. කෞශල්‍යා, ජයනි, චාන්දනීලාගෙන් පස්සේ ඇය අපේ නිළි පරම්පරාවේ ඉදිරියට පැමිණේවි. ඇත්තටම ඇය රඟපානකොට රඟපානවාද නැද්ද කියලා හිතාගන්න බැරිතරම්. මාලනී ෆොන්සේකා තරම්ම සැහැල්ලූවෙන් තාත්විකව ඇය රඟපානවා.
විශ්වට අප අතරට එන්න දිගු කාලයක් ගත වුණානේද? ඒක ශ්‍යාම්ගේ රංගන ජීවිතයටත් අසාධාරණයක්.
2000 පසු සිනමාවට පිවිසෙන රංගන ශිල්පි ශිල්පිණියන්ට සිදුවුණු ලොකුම අසාධාරණය තමයි තමන් රඟපාන චිත‍්‍රපටය පේ‍්‍රක්ෂකයාට දැක බලා ගැනීමට අවස්ථාව නොලැබීම. එහෙම අවස්ථාව ලැබුණත් ලැබුණේ විශේෂ දර්ශනයකදී හෝ විදේශ සිනමා උළෙලකදී විතරයි. ලංකාවේ චිත‍්‍රපට ප‍්‍රදර්ශනය වීමේ ගැටලූවට අපි දැඩිව මුහුණ දෙනවා. තමන්ගේ රංගනයක් පේ‍්‍රක්ෂකයාට දැක ගැනීමට සැලැස්වීමෙන් ලැබෙන මානසික තෘප්තිය දන්නේ ඒ ශිල්පියාම පමණයි. මේ ප‍්‍රදර්ශන රටාව මුළු සිනමා කර්මාන්තයටම අසාධාරණයක්. පසුගිය කාලේ ලංකාවේ ඉතාම නිර්මාණශීලී චිත‍්‍රපට රාශියක් හැදුණත් අවාසනාවකට ඒවා පෙන්වා ගන්න ලැබුණේ නැහැ. තරුණ පරපුරේ සිනමාකරුවන්ට වගේම අශෝක හඳගමලාගේ චිත‍්‍රපටිවලටත් ඒ තත්ත්වය උදාවුණා.
පේ‍්‍රමය නම් රූපගත කළ කාලය කට්ටියටම හරි අපූරු අත්දැකීමක් වුණාලූ නේද?
අපි මාසයකට ආසන්න කාලයක් මෙහි රූපගත කිරීම් කළා. චිත‍්‍රපටයේ එක දර්ශන තලයක් වුණේ වින්දන හා කල්පනලාගේ ගෙදරමයි. අපිට ලොකුම අත්දැකීම හිමිවුණේ මානසික රෝහල තුළ රූපගත කිරීම් කළ දින දහයේ. ඒ දවස්වල ඇත්තම මානසික රෝගීන් සමඟ ගැවසෙන්නට අපට අවස්ථාව ලැබුණා. රෝහලේදී පැවැත් වූ වැඩමුළුවලින් ගොඩක් දේ ඉගෙන ගැනීමට ලැබුණා. මේ චිත‍්‍රපටයේ සදාචාරාත්මක හේතු නිසා සෙසු මානසික රෝගීන් විදියට රඟ පෑවේත් රංගන ශිල්පීන්. ඒ නිසා රෝහලට යන එන අයට ඇත්ත රෝගීන් කවුද බොරු රෝගීන් කවුද කියලා අඳුනා ගැනීමට නොහැකි වුණා. එක අවස්ථාවක වැඩමුළුවකින් පස්සේ අපිට ඇත්තටම රෝගීන් සිටින වාට්ටුවකදී ඒ අය සමඟ කතාබහකට අවස්ථාව සැලසුණා. එහිදී එක රෝගියෙක්ගෙන් ‘ඔබ කොච්චර කාලයක් වෙනවාද මෙහෙට ඇවිල්ලා’ කියලා අහලා. එතකොට ඔහු කියලා තියෙන්නේ ‘ඇයි බං මං උඹලත් එක්කනේ ආවේ’ කියලා.
අමිල චින්තක ගමගේ
සේයාරූ පේ‍්‍රමය නම් චිත‍්‍රපටයෙනි


