මානව හිමිකම් කොමිසමෙන් ලංකාවට බුරුලක්


ලබන මාර්තුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාව ලබන සැප්තැම්බර තෙක් කල් දැමූ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම කියයි.

එහි මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරුන් හමු වී විදේශ ඇමැති මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ කරුණ සලකා බලමින් එම තීරණය ගෙන ඇත.

මෙය ශ්‍රී ලංකාවට දෙන අවසාන අවස්ථාව බවත්, එම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ආකාරය බලා සිටින බවත් මහ කොමසාරිස් කියයි.