මානව හිමිකම් කොමිසමෙන් අලුත් වැඩක්


 

(නිමන්ති රණසිංහ )

රටේ ආර්ථික අර්බුදය ඇතිවීමට තුඩුදුන් හේතු කාරණා  සම්බන්ධයෙන් පුළුල් කරුණු සොයා බැලීමක් කිරීමට  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර ඇත.

මේ කටයුත්ත සඳහා ආර්ථික විශේෂඥයන් කිහිප දෙනකුගේද සහාය ලබා ගැනීමට  කොමිසම බලාපොරොත්තු වෙයි.

ආර්ථිකය බිද වැටීම හරහා ජනතාවගේ අයිතීන් අහිමිවීම පදනම් කරගෙන මෙම කරුණු සොයා බැලීම කෙරෙනු ඇත.