මානව හිමිකම් කොමිසමත් පරික්ෂණ අරඹයි


බ්‍රහස්පතින්දා වැලිවේරියේ සිදු වු හමුදා වෙඩි තැබීම ගැන පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කළ බව මානව හිමිකම් කොමසාරිස්  ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා කියයි.  ‍

ආරක්ෂක අමාත්‍යංශ ඇතුළු  අමාත්‍යංශ 26 ක් සදුදා කැදවන බවද ඔහු කියයි.

රතුපස්වල හා ඒ අවට  ගැමියන් මුහුණපාන ළිංවතුර  ගැටළුව පිළිබදවද මෙහිදී සාකච්ඡා කෙරෙන බවද පැවසීය.

 කොමිසමේ ජ්‍යෙෂ්ඨ පරීක්ෂයින් පස් දෙනකු වැලිවේරියට ගොස් සිදු කළ පරීක්ෂණ වල මුලීක වාර්තාව ඉදිරිපත් කරන බවද   ඔහු කියයි.