මානව හිමිකම් කොමිසම වැලිකඩ කැරැල්ල පිරීක්සයි
සිරකරුවන් 27 දෙනකු මරා දැමූ වැලිකඩ බන්ධනාගාර කැරැල්ල ගැන පරීක්ෂණයක් පැවැත්වීමට මානව හිමිකම් කොමිසම සැරැසෙයි. කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පැවැසූයේ සිරගෙදර ජ්‍යෙෂ්ඨ නිලධරයන් කොමිසම හමුවට කැඳවන බවයි.
සිරකරුවන්ගේ ආරක්ෂකයන් ද ඔවුන් සිය රාජකාරීය හරියට නොකළ බව පෙනේ යැයි ඔහු කියයි. දරුණු ගණයේ අපරාධකරුවන්, කුඩුවලට ඇබ්බැහි වූවන් හා සිරකරුවන්ගෙන් රිමාන්ඩ් සිරකරුවන් වෙන් කොට තැබීමේ කාලය ළඟා වී ඇතැයි ද ඔහු කියයි.

