මාධ්‍යවේදියා හතර වැනි තට්ටුවට


ඉදිරි ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට සියයට 59ක් ද මහින්ද රාජපක්ෂ මහතාට සියයට 41ක් ලැබෙන බවට වාර්තාවක් දුන් බව කියන  බුද්ධි අංශ ප්‍රධානී චන්ද්‍රා වාකිෂ්ට මහතා එම තනතුරින් ඉවත් කළැයි නොවැම්බර 30 වැනි දා රාවයේ පළවූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට එහි ප්‍රධාන කර්තෘ කේ ඩබ්ලිව් ජනරංජන මහතා රහස් පොලිසියට කැඳවා ප්‍රකාශයක් ලියාගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ   වාකිෂ්ඨ මහතා තවමත් සේවයේ සිටින බවයි. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට ජනරංජන මහතා කැඳවා තිබුණු බව ද ඔහු කීවේය.