(මනෝප‍්‍රිය ගුණසේකර)
මාධ්‍යවේදිනී මෙල් ගුණසේකර මහත්මිය ඝාතනය කොට ඇගේ ජංගම දුරකථනය කොල්ල කෑ බවට චෝදනා ලැබ සිටින ‘පේන්ට් බාස්’ට එරෙහි නඩුවේ තීන්දුව කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා හමුවේ බදාදා (05) ප‍්‍රකාශයට පත් කෙරේ.
දීර්ඝ කාලයක් පුරා පැවැති නඩු විභාගයකින් අනතුරුව නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කිරිමට නියමිතය.
මාධ්‍යවේදීනියක වන මෙල් ගුණසේකර මහත්මියට පිහියෙන් ඇන මරා දමන ලද බවට චෝදනා ලැබ සිටින්නේ මෙල් ගුණසේකර මහත්මියගේ නිවස වර්ණ ගැන්වීම සඳහා පැමිණි බව කියන ඒ. ජොර්ජ් හෙවත් ‘පේන්ට් බාස්’ නමැත්තාට එරෙහිවය.
පැමිණිල්ල වෙනුවෙන් නීතීපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණයට සහය විය.

