මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ
මාධ්‍යයට එරෙහිව නියෝග නිකුත් කිරීමට තමන්ට අයිතියක් නැතැයි බැඳුම්කර කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා අද (24) පැවසීය.
බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දුන් ‘ඊස්ට් වෙස්ට්‘ ප්‍රොපර්ටිස් ආයතනයේ අධ්‍යක්ෂිකා එම්.ඒ. විනෝදනී මහත්මියගේ පෞද්ගලික තොරතුරු හෙළි වු නිසා එම තොරතුරු මාධ්‍ය මඟින් හෙළි කිරීම වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුරේන් ද සිල්වා මහතා ඉල්ලා සිටි අවසථාවේදී බැඳුම්කර කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා එසේ පැවසීය.
ඒ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසම ඇමතමින් මෙය රහසිගතව සිදු කරන සාක්කි විභාගයක් නොවන හෙයින් විවෘතව සිදුකරන මෙවැනි සාක්කි විමසීමකදී මෙවැනි ආකාරයේ ඉල්ලීමක් කිරීමට හැකියාවක් නැතැයි කීය.
කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා - මාධ්‍යයට එරෙහිව නියෝග නිකුත් කිරීමට අපිට හැකියාවක් නැහැ.
කොමිසමේ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා - මේ සම්බන්ධයෙන් මාධ්‍යයට මුකුත් කියන්න අපිට හැකියාවක් නැහැ. ඒත් මාධ්‍ය අචාර ධර්ම පද්ධතියක් තියෙනවානේ, මාධ්‍යවේදීන් ඒ මාධ්‍ය අචාර ධර්ම පද්ධතිය අනුව කටයුතු කරයි කියා අපි බලාපොරොත්තු වෙනවා.

