ලෝකයේ අවම මාධ්‍ය නිදහසක් ඇති රටවල් 20 අතර ශ්‍රි ලංකාව ද සිටින බව “දේශසීමා රහිත වාර්තාකරුවෝ” නම් ජාත්‍යන්තර සංවිධානය 2015 වර්ෂය සඳහා සකස් කළ ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකය ඇතුළත් වාර්තාව සඳහන් කරයි.
ලෝකය රටවල් 180 ක් යොදාගනිමින් සකස් කළ මෙම දර්ශකයට අනුව ශ්‍රි ලංකාවට හිමිව ඇත්තේ 165 වැනි ස්ථානයය. පසුගිය වසරේ ද ශ්‍රි ලංකාවට මෙම දර්ශකයේ දි හිමිව තිබුණේ 165 වැනි ස්ථානයයි.
මාධ්‍ය බහුවිධතාව (මාධ්‍ය හරහා නිරූපනය වන මතය) ,මාධ්‍ය ස්වාධිනත්වය,රාජ්‍ය වාරණයේ ස්වභාවය, ව්‍යස්ථාදායක රාමුව හා එහි නීති ,තොරතුරුවල විනිවිදභාවය, තොරතුරුවල ව්‍යුහය හා මාධ්‍ය පීඩාකිරිම් යන නිර්නායක හත සඳහා එක් එක් රටවල්වලින් ලබාගත් ප්‍රශ්නාවලි තොරතුරුවලින් මෙම දර්ශකය සකස් කර ඇත. මෙම තොරතුරු අනුව එක් එක් රටවලවලට ලකුණු ලබාදීමේ ක්‍රමයකින් මෙම දර්ශකය සකස් කර ඇති අතර මෙම දර්ශකයේ අඩුම ලකුණු ලබාගත් රටවල් අඩුම මාධ්‍ය නිදහසක් ඇති රටවල් ලෙසත් වැඩිම ලකුණු ලබාගත් රටවල් අඩුම මාධ්‍ය නිදහසක් ඇති රටවල් ලෙසත් වර්ගීකරණය කර ඇත.
මෙම දර්ශකයට අනුව ලෝකයේ වැඩිම මාධ්‍ය නිදහසක් ඇති රටවල් තුන පිළිවෙලින් පින්ලන්තය , නෝර්වේ , ඩෙන්මාර්කය වන අතර මාධ්‍ය නිදහස අඩුම රටවල් තුන වන්නේ තුර්ක්මෙනිස්තානය, උතුරු කොරියාව හා එරිත්‍රියාවයි.
ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ මෙම දර්ශකයට අනුව දකුණු ආසියානු රටවල් වන භූතානයට 104 වැනි ස්ථානය ද, නේපාලයට 105 වැනි ස්ථානය ද , මාලදිවයිනට 112 වැනි ස්ථානය ද , ඇෆ්ගනිස්ථානයට 122 වැනි ස්ථානය ද , ඉන්දියාවට 136 වැනි ස්ථානය ද, බංගලාදේශයට 146 වැනි ස්ථානය හා පකිස්ථානයට 159 වැනි ස්ථානය ද හිමි වී ඇත.

