ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික ලේකම්වරයකු බව කියන මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ලින්ටන් විජේසිංහ පහරදුන්නැයි මහනුවර පිළවල ශ්‍රී ඉසිපතනාරාම විහාරාධිපති පේරාදෙණියේ ධම්මසේන හිමියන් පැමිණිල්ලක් කැර ඇතැයි වත්තේගම පොලීසිය කියයි.
විහාරස්ථානය අසල නිවසක කලබලයක් ඇසී ඒ ස්ථානයට තමන් ගිය බවද පසුව සිද්ධිය නතර කිරීමට ගත් උත්සාහයේදී ලින්ටන් විජේසිංහ සිය සිවුරෙන් ඇද නව වැනිදායින් පසු සිවුර ගලවා දමන බවට තර්ජනය කළ බවද ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාද එහි සිටි බව ධම්මසේන හිමිගේ පැමිණිල්ලේ සඳහන්වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වීමසීම සඳහා කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා සම්බන්ධ කිරීමට ගත් උත්සාහය අසාර්තක විය.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනුයේ රඹුක්වැල්ල ඇමැතිවරයා එම ගැටුම බේරුම් කිරීමට උත්සාහ ගත් බවයි.








