මාතලේ කලාපයේ අදට නියමිතව තිබූ සියලුම ශ්‍රේණිවල ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර අවලංගු කර ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.
එම කලාපයේ ද දිගින් දිගටම වාර විභාග අවුල් තිබුණු බවත්, බලධාරීන් තම වගකීම් නිසි ලෙස ඉටු කර නැති බවත් එම ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරයි.
මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මහින්ද එස් යාපා මහතා පැවසුවේ ප්‍රශ්න පත්‍ර මුද්‍රණාලවලින් නිසි වේලාවට පාසල්වලට ප්‍රශ්නපත්‍ර නොලැබුණු නිසා අදට නියමිත ඉංග්‍රීසි විෂය අවලංගු කළ බවයි.

