මාතලේ උකුවෙල ගරාජ හිමියෙකුගෙන් රුපියල් තුන්ලක්ෂයක අල්ලසක් ඉල්ලා ඉන් අඩක් ලබා ගත් බව කියන කම්කරු නිලධාරී ලීල් කොඩිතුවක්කු ලබන 10 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්නැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
උකුවෙල අධිකාරම් වලව්වේ සචින් එන් කුලතුංග නම් ගරාජ් හිමියාගේ පැමිණිල්ලක් මත අල්ලස්හෝ දුෂණ කොමිසම වැටලීම කළේය
තමා ළගදී ඇරැඹු ගරාජයේ සේවකයිනට අර්ථසාදක අරමුදල් ආදීය වෙනුවෙන් රුපියල් අසු ලක්ෂයක් ගෙවීමට ඇති බව කම්කරු නිලධාරීයා පැවසු බවත් එතරම් මුදලක් නැතැයි කී විට රුපියල් තුන්ලක්ෂයක් දෙතොත් අර්ථසාදක අරමුදල් නොගෙවා සිටි හැකි බව ගරාජ හිමියා කොමිසමට දන්වා ඇත.එය ලක්ෂ එකහමාර දක්වා අඩුකර ගත හැකිබවද ඔහු දැන්වීමෙන් පසුව වැටලීම සංවිධානය කළ බව අල්ලස් කොමිසම අධිකරණයට දැන්වීය.