මුහුදුබඩ දුම්රිය මාර්ගයට බේරුවල හා මග්ගොන අතර මාගල්කන්ද කඩා වැටීමේ අවදානමක ඇතැයි දුම්රිය මගියෝද ගම් වැසියෝද කියති.මෑතදීද වරින් වර කන්ද කඩා වැටී ඇත.
කබොක් ගල් ,කළු ගල් සමග පස් කන්ද දුම්රියක් ධාවනය වන විට ඇද වැටුනහොත් මහා විපතක් සිදු විය හැකි බව මගීහු කියති.
දුම්රිය මාර්ගයට සමාන්තරව කොළඹ ගාල්ල මහාමාර්ගයද මහා මාර්ගයට පහළින් මුහුදද පිහිටියේය.









