මළවුන්ට බැන්නාට පොලීසියෙන් පාඩමක්


ගලේවෙල යටිගල්පොත්තේ  රිය අනතුරකින් පුද්ගලයෙක් මරුමුවට පත් විය.

ඔහු හඳුනා ගැනීමට පොලීසියට ප්‍රශ්නයක් විය.

එහි ආ පොලීස් ස්ථානාධිපති රුක්ෂාන් පෙරේරා මහතා  මිය ගිය පුද්ගලයා ළඟ තිබු  දුරකතන අංකයකට ඇමැතුමක් දුන්නේය.

අනෙක් කෙළවරේ පිළිතුර ඇසු පොලිස් පරීක්ෂක ගල් ගැසුණේය. ‘හොඳ වැඩේ ඕකා මැරිලා මදි ’ යැයි ඔහු කියාගෙන ගියේය.

පොලීසිය ඔහු ගෙන්වීය.ඔහු වැලිකන්දේ සිට පැමිණියේය.පොලීසිය  ඔහුට මිනිස් ගති ගුණ ගැන පාඩමක් ද කියා දුන්නේය.