මළවුන් ගසා කෑ ලිපිකාරිනිය හිරේ


යුද්ධයේදී මියගිය පොලිස් නිලධරයන් වෙනුවෙන් ඔවන්ගේ සමීප නෑයනට ගොවිය යුතු රුපියල් ලක්ෂ අට හමාරක වැටුප් හා දීමනා වංචා කළ වවුනියා පොලිස් අධිකාරී කාර්යාලයයේ ගිණුම් ලිපිකාරිනියකට වවුනියාව මහාධිකරණ විනිසුරු විශ්වලිංගම් චන්ද්‍රාමනි මහත්මිය හත්වසරක සිරදඬුවමක් ද රුපියල් 57000ක් දඩද නියම කළාය. ඉරට්ටපෙරියකුලමේ සුමිත්‍රා ජයම්පති 2004 දී මේ මුදල් වංචා කර ඇත.  ව්‍යාජ ලියැවිලි හදා  ඇය මේ මුදල් වංචා කැර ඇත. ඇය වසර තුනක්ම රිමාන්ඩ් බන්ධනාගාරය් සිටියාය.