මළගමට පසු පියා ගෙදර එයි
‘පියාගේ‘ මළගම සිදුකැර දෙසතියකින් පසු ‘පියා‘ පණ පිටින් ගෙදර ආවේය.
දූදරුවෝ පියාගේ සිරුර ලෙස ගෙදර රැගෙන ගොස් ඇත්තේ කළුතර රෝහලෙන් රැගෙන ගිය සිරුරකි.
නෑදෑ ගෙදෙරක ගොස් ඔහු එන විට ඔහුගේ මරණ දැන්වීම්ද ගමේ අලවා තිබිණි. ඊට බිය වූ ඔහු වෙනුවෙන් දරුවෙක් බලිතොවිලයක් ද නැටවූහ. කළුතර කටුකුරුන්දේ පෙදරේරුවකු වන ඔහු ආයුධ මල්ල දියණියකගේ ගෙදර තබා නෑ ගෙදරක ගොස් ඇත.

