මළ පෙරේතයා දැරියට වහයි


අම්මාගේ සහ ආච්චිගේ මළ පෙරේත දිෂ්ටියත් දියණිය (11) පාසල් යාමට දක්වන මැලිකමත් නැති කිරිමට ශාන්ති කර්මයක් කිරීමට නුවරඑළියේ සිට කළුතර දිස්ත්‍රික්කයට ආ යකදුරෙක් දැරියට අතවර කළැයි  සැක පිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි.

මේ ශාන්ති කර්මය ගැන දැරියගේ පියාටද නොදන්වා දැරියගේ මව ආච්චි අම්මාගේ නිවසට ගොස් ඇතැයිද රාත්‍රී 7 ට පමණ ශාන්ති කර්මය ඇරැඹු යකදුරා නිවැසියන් එළියට යවා,ජීවම් කළ බුලත් කොළය බැගින් දැරියගේ මවට, දැරියට හා ආච්චිට දී විදුලියද නිවා, එකිනෙකාට නොපෙනෙන දුරින් ඈත් වී අහසේ සිටින දෙවියන් වඩින අයුරු  බලා සිටින්නට යැයි කියා ඇතැයිද ඔහු   මන්තර ජප කරමින් දෙහි කපමින් හතලිස් දෙවාරයක් ගේ වටේ ගොස් ඇතැයිද  අම්මා සහ ආච්චි අම්මා දෙවියන් එන තුරු බලා සිටියදී ඔහු දැරියට තර්ජනය කර ඇය කෙළෙසා ඇතැයිද පොලීසියට පැමිණි කැර ඇත.