මහේශාඛ්‍ය හස්තියාගේ දළ කැපීම ගැන හොයන්න පොලිස් බල්ලන්


(අංජුල මහික වීරරත්න)

අනුරාධපුර මහේශාඛ්‍ය හස්තියා  මරණාසන්නව සිටිය දී දළ කපා ගැනීමේ සිද්ධිය හා වනජීවි නිලධාරින් ඊට එරෙහිව ක්‍රියාත්මක නොවීම සම්බන්ධව විදිමත් විමර්ශණයක් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම, වනජීවී  හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා  අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් දුන්නේය.

ඒ අනුව වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනටමත් පොලිසියට මේ සම්බන්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන අතර   ඇත්දළ කපා ගත් පුද්ගලයා සොයා ගැනීම සඳහා පොලිස් නිල සුනඛයින් පවා යොදා ගනිමින් පරීක්ෂණ සිදු කෙරෙන බව අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම  හස්තියා මරණයට පත් වන තෙක් වනජීවී  නිලධාරින් ක්‍රියාත්මක නොවීම හා ඔවුන්ගෙන් රාජකාරී අතපසු වීමක් සිදු වී ඇත්ද යන්න සම්බන්ධවත් වනජීවී  දෙපාර්තමේන්තුව විසින් ද විමර්ශණයක් සිදු කරන බව වනජීවී  අධ්‍යක්ෂ ජනරාල්වරයා අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.