මහේලගේ දිල්ලි පිලේ බලාපොරොත්තු සුන්වෙයි
දකුණු අප‍්‍රිකාවේදී පැවැත්වෙන ‘චැම්පියන්ස් ලීග්’ විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (25 වැනිදා) ඩර්බන්හිදී පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල ලකුණු 22 කින් ලයන්ස් පිල හමුවේ පරාජයට පත්වීම නිසා අවසන් මහ තරගයට පැමිණීමේ බලාපොරොත්තු සුන්විය.
මහේල මෙම තරගයට සහභාගි නොවූ අතර නවසීලන්ත නායක රෝස් ටේලර් දිල්ලි පිලේ නායකයා ලෙස කටයුතු කළේය.
ලයන්ස් පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 139 (ගුලම් බොඩි 50, ඇල්විරෝ පීටර්සන් 24, නීල් මැකෙන්සි නොදැවී 46, උමේෂ් යාදේව් 20/2)
දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 117 (ඬේවිඞ් වෝනර් 21, කෙවින් පීටර්සන් 50, මොනේ මොර්කල් නොදැවී 18, ඩිර්ක් නැනිස් 34/2, ක‍්‍රිස් මොරිස් 7/2, අරොන් පන්ගිසෝ 18/2)

