මහේල විස්සයි 20 නායකත්වයෙන් සමුගනී
විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් පරාජයටත්වීමත් සමගම විස්සයි 20 කණ්ඩායමේ නායකත්වයෙන් තමන් ඉවත් වන බව ශී‍්‍ර ලංකා පිලේ නායක මහේල ජයවර්ධන පැවසීය.
”මෙම තරගාවලිය ආරම්භ වීමට පෙරම මා තේරීම් කමිටු නිලධාරීන් සමග සාකච්ඡා කළා. විස්සයි 20 කි‍්‍රකට් කී‍්‍රඩාවේදී අප ඉදිරියට යන්න ඕනෑ නම් තරුණ නායකයෙක් මෙතැන් සිට වගකීම බාර ගත යුතුයි”
”මගේ යෝජනාවට තේරීම් කමිටු නිලධාරීන් එක`ග වුණත්, අවසන් මහ තරගයට පෙර ඒ ගැන නිල වශයෙන් ප‍්‍රකාශයක් කිරීමට මා උත්සුක වූයේ නෑ” යයිද මහේල ජයවර්ධන ඊයේ රාති‍්‍රයේ පැවති පුවත් පත් සාකච්ඡාවකදී පැවසීය.
කෙසේ වෙතත් ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් වල නායකයා වශයෙන් බාරගත් වසරක කාලය තමන් කටයුතු කරන බවත් අලූතෙන් පත්වන නායකයා තමන්ගේ සේවය අපේක්‍ෂා කරන්නේ නම් විස්සයි 20 තරග සඳහා ශී‍්‍ර ලංකාව වෙනුවෙන් කී‍්‍රඩා කිරීමට සූදානම් බවත් මහේල වැඩිදුරටත් පැවසීය.

