මහේල තවත් අද්වීතීය වාර්තාවක


මේ වන විට සිය 400 වැනි එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් තරගයට කී‍්‍රඩා කරමින් සිටින මහේල ජයවර්ධන, ඔහුගේ වසර 15 ක එක්දින තරග දිවියේ තවත් අද්වීතීය වාර්තාවකට හිමිකම් කියමින් එක්දින උඩපන්දු 200 සීමාව පසුකළ ලෝකයේ පළමු කී‍්‍රඩකයා බවට පත්විය. පසුගිය අගහරුවාදා (9 වැනිදා) ෂිකාර් ධවාන්ගේ උඩපන්දුව මහේලගේ 200 වැනි එක්දින උඩපන්දුව විය.

තරග 400 කදී උඩපන්දු 200 ක් රැකගත් හිටපු ශී‍්‍ර ලංකා නායකයා අසළට වත් ඒමට මේ වන විටත් කී‍්‍රඩා පිටියේ සිටින කිසිදු කී‍්‍රඩකයෙක් අසමත් වී සිටී. එක්දින තරග වලදී රැකගත් උඩපන්දු සංඛ්‍යාව අනුව මහේලගේ ආසන්නතම තරගකරුවා වන්නේ තරග 375 කදී උඩපන්දු 160 ක් රැකගත් රිකී පොන්ටිංය.

එක්දින තරග වල උඩපන්දු රැකගැනීම්                                      

ක‍්‍රීඩකයා  ත.වැ.කා තරග ඉනිම උඩ පන්දු ඉ.වැ.උ.ප.

මහේල ජයවර්ධන (ශී‍්‍ර ලංකාව)

1998 - 2013 399 394 200 4

රිකී පොන්ටින් (ඕස්ටෙ‍්‍රලියාව)

1995 - 2012 375 372 160 3

මොහොමඞ් අසාරුඞීන් (ඉන්දියාව)   

1985 - 2000    334 332 156 4

සචින් තෙන්ඩුල්කර් (ඉන්දියාව)

1989 - 2012 463 456 140 4

ස්ටීවන් ෆ්ලෙමින් (නවසීලන්තය)

1994 - 2007 280 276 133 4

මුත්තයියා මුරලිදරන් (ශී‍්‍ර ලංකාව)

1993 - 2011    350 347 130 3

ඇලන් බෝඩර් ( ඕස්ටෙ‍්‍රලියාව)

1979 - 1994 273 270 127 3

යුනිස් ඛාන් (පකිස්තානය)

2000 - 2013   253 245 126 4

ජැක් කලිස් (දකුණු අප‍්‍රිකාව)

1996 - 2012 321 317 125 3

රාහුල් ඩ‍්‍රාවිඞ් (ඉන්දියාව)

1996 - 2011 344 269 124 4

සනත් ජයසූරිය (ශී‍්‍ර ලංකාව)

1989 - 2011 445 441 123 3

කාල් හූපර් (බ.ඉ.කො)

1987 - 2003   227 225 120 4

බ‍්‍රයන් ලාරා (බ.ඉ.කො)

1990 - 2007   299 296 120 3