මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයට ගෙන ඒමට යූ එන්පීයද සහාය දෙන බව ඇමැති මණ්ඩල තීරණ ප්‍රකාශක ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
රාජපක්ෂ මහතා දේශපාලනයට ගෙන ඒමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට එක්සත් ජාතික පක්ෂයේ සහාය ලැබෙන බවත් දේශපාලනයේ සදාකාලික සතුරන් නැති බව ඇමැති කීවේය.
ආගමික හා වාර්ගික එදිරිවාදීකම්වලට අනුබල දෙන අන්දමේ අදහස් දැක්වීම තහනම් කිරීමටත් එසේ අදහස් දක්වන්නන්හට දඩුවම් කිරීමටත් අවශ්‍ය සංශෝධන දණ්ඩ නීතී සංග්‍රහයට එකතු කිරීමට අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ගෙන ආ යෝජනාවට ඇමැති මණ්ඩලය කැමැත්ත පළ කළේය.
විද්‍යුත් ජාතික හැදුනුම්පතට ඇඟිලි සලකුණු ආදිය ද සමඟ පුද්ගල දත්ත ඇතුළත් කිරීමේ යෝජනාවද සම්මත විය.
රාජ්‍ය වෙසක් උත්සවය මහියංගණයේ පැවැත්වීමටද තීරණය කළේය.කුඩා තේ වතු හිමියනට අමු තේ දළු කිලෝවක් සඳහා රුපියල් අසූවක සහතික මිලක් ලබා දීමට එකඟ විය. මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ පාකිස්ථාන සංචාරයේදි ශ්‍රී ලංකා නැව් සංස්ථාව හා පාකිස්ථාන ජාතික නැව් සංස්ථාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටද යයි.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව හා කාෂිකර්ම ආයතන නංවා සිටීම සඳහා ජපානය රුපියල් කෝටි 55ක් ආධාර කිරීමට ද යයි.කුඩා රබර්වතු හිමියනට සහතික මිලක් දීමටද රජය තීරණය කරයි.
ටෙන්ඩර් කැඳැවීමකින් තොරව ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් කැරෙන ව්‍යාපෘති යෝජනා ප්‍රතිපත්තියක් ලෙස පිළි නොගැනීමටත් එවැනි යෝජනා ගැන ටෙන්ඩර් පටිපාටිය අනුවම ක්‍රියා කිරීමටත් ඇමැති මණ්ඩලය අද තීරණය කළේය.

