මහින්දගෙන් දෙපැත්තටම සුබ පැතුම්


කොළඹ හයිඩ් පිටියේ පැවති ශ්‍රීලනිප මැයි රැලියට සහ මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති එක්ව කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණයේ පැවති එක්සත් මැයි රැලියටත් යන දෙකටම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සුබපැතුම් පණිවිඩ එවා තිබිණි.

ශ්‍රීලනිප රැලියට එවූ සුබ පැතුම් පණිවිඩිය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා විසින් හා එක්සත් මැයි රැලියට එවූ සුබ පැතුම ශ්‍රිලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා කියවීය.