හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (15) වතිකාන තානාපති නිල නිවසේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමු විය.
ශිරන්ති රාජපක්ෂ මහත්මියද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂද හිටපු ජනපති සමඟ එහි ගොස් සිටියහ.
පාප්තුමන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටට එන ලෙස නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතාට ඇරයුම් කළත් ඔහු පැමිණියේ නැත. පාප් වහන්සේට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ඇරයුම් කළේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතායි.

