මහින්ද සමරු දෙසුම එඩ්වින් ආරියදාසගෙන්


ගාල්ල මහින්ද විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයකුවූ ඊ.ඒ.විජේසූරිය වාර්ෂික සමරු දේශනය 13 වැනි වරටත් ලබන 16 වැනි බ්‍රහස්පතින්දා සවස 4 ට කොළඹ බෞද්ධාලෝක මාවතේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

මහින්ද ආදි ශිෂ්‍ය කලාකීර්ති එඩ්වින් ආරියදාස මහතා දේශකයාය. මහින්ද ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව මෙම උත්සවය සංවිධානය කරයි.