මහින්ද රාජපක්‍ෂ දකුණු ආසියානු පාපන්දු තරගාවලිය නාවලපිටියේදී
‘මහින්ද රාජපක්‍ෂ’ ශූරතා දකුණු ආසියානු පාපන්දු තරගාවලිය දෙසැම්බර් මස 2 වැනිදා සිට 8 වැනිදා දක්වා නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙම තරගාවලියේදී පාකිස්තානය, මාලදිවයින, බංග්ලාදේශය සහ සත්කාරක ශ්‍රී ලංකාව තරග වදිති. ශ්‍රී ලංකා පාපන්දු ක‍්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබාදීමේ අරමුණින් ක‍්‍රීඩා අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය එක්ව මෙම තරගාවලිය සංවිධානය කෙරේ.
සමාරම්භක උත්සවයේ සහ ත්‍යාග ප‍්‍ර‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගිවේ.
තරග කාල සටහන (මුලික වටය:- ප.ව. 2 ට සහ ප.ව. 4 ට තරග පැවැත්වේ.)
දෙසැ. 2 : බංග්ලාදේශය සහ පාකිස්තානය අතර
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර
දෙසැ. 4 : පාකිස්තානය සහ මාලදිවයින අතර
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර
දෙසැ. 6 : මාලදිවයින සහ බංග්ලාදේශය අතර
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර
දෙසැ. 8 (ප.ව. 4 ට) : අවසන් මහා තරගය

