ගාල්ල මහින්ද විද්‍යාලයයේ පසුගිය 2012 වසරේදී අ පො ස(උපෙළ) ඉහලින් සමත් වු සිසුන් හා ක්‍රීඩා ඇතුළු සෙසු දක්ෂතා දැක්වු සිසුන් 18 දෙනකුට ශිෂ්‍යත්ව ප්‍රධානය පසුගියදා කොළඹදී සිදු විය.
එහිදි සිවු දෙනෙක් සුවිශේෂි දක්ෂතා දැක්වුහ.
උදේශ් අබේනායක වාණිජ අංශයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ මුල් තැනද ශ්‍රී ලංකාවේ 24 වැනියා ලෙසද ගණිත අංශයෙන් සමත් වු සිසුන් තිදෙනකු වු ඉසුරු ධනංජය දිස්ත්‍රික් දෙවැනියා හා ශ්‍රී ලංකාවේ 12 වැනි ස්ථානයද දසුන් ජයවර්ධන දිස්ත්‍රික්කයේ මුල් තැනට හා ශ්‍රී ලංකාවේ 10 වැනි ස්ථානයටද දසුන් මදුෂාන් දිස්ත්‍රික්කයේ දෙවැනියා ලෙසද ශ්‍රී ලංකාවේ 12 වැනියා ලෙසද සමත් වුහ.
මෙම ශිෂත්ව ප්‍රධානය සිදු කළේ මහින්ද ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව මගිනි.සිසුන් සමග මහින්ද විදුහල්පති වසන්ත සිරිවර්ධන මහතාද (මැද) මෙහි වෙති.

