මහාධිකරණ විනිසුරුවරුත් වැඩ වරති


ශ්‍රී ලංකාවේ උසාවි කටයුතු අදත් අඩපණ විය. අධිකරණ කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට එල්ල කළ මැර ප‍්‍රහාරය සම්බන්ධයෙන්  අද දෙවැනි දිනටත් අධිකරණ කටයුතු අඩාලවිය. මහාධිකරණ හා දිසා විනිසුරුවරු අදට නියමිත නඩු සියල්ල කල්තබා විනිශ්චාසන වලින් බැස ගියහ. මහේස්ත‍්‍රාත් උසාවිවලද වැඩ නොකැරේ. විනිසුරුවරු අද තීරණාත්මක රැස්වීමක් පවත්වති.