මහාචාර්ය සෝභිත හිමියෝ අපවත් වෙති


මහාචාර්ය  කොස්ගොඩ සෝභිත හිමියෝ (93)  පසුගිය  06 වැනි දා පැරීසියේදි අපවත් වූහ. හැටේ දශකයේ ප‍්‍රංශයට වැඩම කළ උන්වහන්සේ  සෝර්බෝන් සරසවියෙන් අධ්‍යපනය ලබා පැරීසියේ සොර්බෝන් විශ්ව විද්යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ කථිකාචාර්ය වරයෙක් විය. ප‍්‍රංශ හා ස්පාඤ්ඤ භාෂා චතුර ලෙස කතා කළ හැකි  සෝභිත හිමියෝ පැරිස් යුනෙස්කෝවේ ප‍්‍රථම වෙසක් උත්සවය පැවැත්වීමට මුල් වූහ.  ආදාහන පූජෝත්සවය නොවැම්බර් මස 12 වෙනි සඳුදා සවස 02.30ට පැරීසියේ ෆෙරේ ලාර්චයෙස් සුසාන භූමියේදි පැවැත්වේ.