මහා වංශය දෙවැනි වරට හින්දි භාෂාවට පරිවර්තනය කර එළිදැක්වීමේ උළෙලක් පසුගියදා මුම්බායි විශ්වවිද්‍යාලයේදී සිදුවිය.
මුම්බායි විශ්වවිද්‍යාලයේ පාලි පීඨය මගින් ශ්‍රී ලංකා මහා වංශය හින්දි භාෂාවට පරිවතනය කළේය.
එම විශ්වවිද්‍යාලයයේ අචාර්ය මීනා ටාලීම් මහත්මිය විසින් ඉපැරණි සිගිරි බිතිසිතුවම් ගැන හින්දි භාෂාවෙන් රචනා කළල ග්‍රන්ථයක්ද එළිදැක්විණි. මෙම අවස්ථාවට මුම්බායි කොන්සල් ජනරාල් සරෝජා සිරිසේන මහත්මිය ප්‍රධාන ආරාධිතයාවශයෙන් සහභාගී වූ අතර කැළණි විශ්වවිද්‍යාලයත් මුම්බායි විශ්වවිද්‍යාලයත් අතර සම්බන්ධතාවයක් ඇති කිරීමට තමා බලාපොරොත්තු වන බව එහිදී ඇය එසැණට කීවාය.


