මහසෝන් බෝක්කුව ළඟ මැරූ අය හඳුනා ගැනෙති
අත්පා ගැටගසා මුහුණු වසා වෙඩි තබා මරා ගාල්ල පේද්දල වල්පිටවත්තේ මහසෝන් බෝක්කුව අසල දමා සිටි සිව්දෙනා හදුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි.
ඔවුන්ගෙන් දෙදෙනෙකු ගාල්ල ඇතිලිගොඩ ද, අනෙක් දෙදෙනා ගාල්ලේ අම්බලංවත්තේ හා වංචාවල පදිංචිකරුවන් බව ද ඔහු කියයි.
බද්දේගම අතිරේක මහේස්ත්‍රාත්වරිය මූලික පරීක්ෂණය පැවැත්වූවාය.

