මහවිරු දිනයේ කොළ බෙදූ පහක් කොටුවේ


කොටි සංවිධානයේ මහ විරු දිනයට සූදානම්ව සිටි බව කියන පස් දෙනකු අක්කරපත්තු පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් මහවිරු දිනයේ වැදගත්කම විස්තර කර පෙන්වන අත්පත්‍රිකා බෙදමින් සිටි බව පොලීසිය කියයි. ප්‍රභාකරන් ජීවත්ව සිටියදී නොවැම්බර් 27 දින මහවිරු දිනය සමරා ඔහුගේ වාර්ෂික මහවිරු දේශනය ද කළේය.