මහවැලි ගඟේ ගැටඹේ වරාතැන්නේ ගඟ මැද හක්කිඳ දූපතක පෞද්ගලික විදුලි බලාගාරයක්, සංචාරක හෝටලයක් ඉදිකිරීමට යතියි ගැටඹේ වරාතැන්න ප්‍රදේශවාසීහු ද, පාරිසරික සංවිධාන ද විරෝධය පළ කරයි.
ගල් දෙබොක්කාවකින් ජලය ගලා යන ස්ථානයක මෙම හෝටලය ඉදිකිරීමට යන බවත්, හක් පිඹින හඬක් එම දෙබොක්කාවෙන් ඇසෙන නිසා හක්කිඳ යනුවෙන් එම ප්‍රදේශය හැඳින්වෙන බව ද කියති.
ලෝකයේ අතිශය දුර්ලභ මාළුවකු වන ශ්‍රී ලංකාවට පමණක් ආවේණික කොළ ගඩයා සිටිනුයේ ද මේ ප්‍රදේශයේය. එහි ගඟ මැද දූපත් සංඛ්‍යාව 20ක් පමණ වේ.
පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ හේමන්ත විතානගේ පවසනුයේ ගංගා, එහි ජලය, ඉවුරු ඇතුළු පෝෂක ප්‍රදේශ පොදු දේපළ බවයි.
පේරාදෙණිය සරසවියේ සත්ත්ව විද්‍යා අංශයේ ආචාර්ය සුධර්මා යටිගම්මන මහත්මිය පවසනුයේ වසර කෝටි ගණනක් තිස්සේ ස්වභාවිකව ගලාගෙන යන ගඟ වසරකින් දෙකකින් විනාශ කළ හැකි නමුත් එය නැවත කිසිදා යථා තත්ත්වයට පත් කළ නොහැකි බවයි.