මහර සහ ගම්පහ ප්‍රදේශ කීපයකට ජලය කපයි


මහරට සහ ගම්පහට  අද (19) පෙරවරුවේ සිට හෙට (20) පෙරවරු 8.00 දක්වා හදිසි ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

කඩවත මධ්‍යම අධිවේගී මාර්ගය අසල වූ ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ සිදුවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුවන බවය.