මහනුවර රෝහලේ හෘද ශල්‍ය වෛද්‍යවරුන්ට ජ්‍යෙෂ්ඨත්වය මත ලබා දෙන මාරු වීම් සෞඛ්‍ය බලධාරීන් උල්ලංඝනය කරන බව පවසමින් එහි ශල්‍ය වෛද්‍යවරු තිදෙනා සියලු හෘද සැත්කම් වලින් ඉවත් වුහ.
වෛද්‍යවරු සඳුදා (05) දින සිට එසේ හෘද සැත්කම් කිරීම නවතා දැමුහ.
මහනුවර රෝහලේ හෘද ශල්‍ය ඒකකයේ වෛද්‍යවරයකු පැවසුයේ කොළඹ ජාතික රෝහලේ හෘද ශල්‍ය ඒකකයේ සිටි ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකු ඉවත්ව යෑමෙන් පුරප්පාඩු වු තනතුර සඳහා ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු වෛද්‍යවරයකු වැඩ බැලීම සදහා දැනට වසරක පමණ කාලයක සිට පත් කැර ඇති බවයි.
ඒ හේතුවෙන් අනෙක් ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන්ට ජ්‍යෙෂ්ඨත්වය මත ලැබෙන මාරුවිම් සෞඛ්‍ය බලධාරීන් විසින් හිතාමතාම උල්ලංඝණය කැර ඇති බවත් ඔවුහු කියති.
හෘද ඒකකයේ සැත්කම් නැවතීම නිසා හදවත් සිදුරු වැසීම ,වෑල් දැමීම වැනි සැත්කම් නතර වී ඇත.
එවැනි සැත්කම් සිදු කැර ගැනිමට ඉදිරි වසර දෙක සදහා පොරොත්තු ලේඛනයක් ඇත. දිනකට එවැනි සැත්කම් පහක් හයක් එහි සිදු වේ.

